සැලෙනා
නෙත් අගින්..සද කිරණේ නැහැවෙමින්..
දුර ඈත අනන්තයෙන් ඔබ ඇවිදින් ....
හද ගැස්මේ නැවතිලා..හද ගැබුරේ කිමිදිලා....
මගෙ ජිවිතේ මල් ගොඩක් වී සදා......
දුර ඈත අනන්තයෙන් ඔබ ඇවිදින් ....
හද ගැස්මේ නැවතිලා..හද ගැබුරේ කිමිදිලා....
මගෙ ජිවිතේ මල් ගොඩක් වී සදා......
හද ගැස්මට කනතියා...මුදු සෙනෙහේ විමසනා...
ඔබ ඇවිදින් නැවතිලා..මගෙ සෙනෙහස පුරා..
නෙක හැගුමන් දී නුරා..තරු යායම කලබවා....
දුර අහසේ පායනා සද සිත්තම ඔයා......
නෙත් බොදවී වැහෙනා..පිනි කදුළක් දෝ ඔයා....
දෙකොපුල් හැඩ කරා...හසරැලි තබා....
මා සිහිනෙන් ඇහැරුණා..ඔබ හැබැහින් ළංවුණා....
මේ සෙනෙහේ දැන් අපේ සදා......
-------------------මේනකා °*σ.Ƹ̴Ӂ̴Ʒ




